Powered By Blogger

Saturday, October 16, 2010

කුරවි කිරිල්ලී

කුරවි කිරිල්ලී ගියා ඉගිල්ලී
මනමාල හැගුම් කෝල සිතුම්...
කොහෙද ගෙනගියේ...
මල් පාර පුරා පිනි විසිරුණු
හීන කොදෙවුවේ

කරට මාල හත බදින්න
ඉනවට ඔසරිය අදින්න
මුහුදු සතෙන් සත් ගවුවක්
ඇත ගියාදෝ........
මගේ සිහින මාලිගාවේ
මා පමණක්දෝ

වසන්තයට ගී ගයන්න
සිපද රාවෙට ඇහෙන්න
හීන එක්ක තරහ වෙලාඑන්න ඉගිල්ලී........
මල් පාර පුරා පිනි විසිරුණු
හීන කොදෙවුවේ........

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ
ඇත අතීතේ මිහිරිම සිතුවිලි
කල්ප කාලයක් රැකගන්නයි...
සුරැකිව මා සතු කරගන්නයි

හැගුම්බරී මනමාල හිනාවෙන්
ලියාදුන්නු පෙම් පත්
මා හද රැහෙනින් වෙලා ගැට ගසා
හද බිම වැළලු වේ
යලි ගොඩගෙන පදරුත් විමසන්නට
කාලයයි මේ

වැසි දිය තෙත් කල උයන් බිමේ
සක්මන් කර හිරිපොද වැස්සේ
තෙමී තෙමී උන් කාලය තුල සැගවී
ම ලියු පෙම් පත් දුබුල් බැදී දිරාන
යලි පාරයි හද මා 

නුබ කවුද

විරාගී හද කලබනා
මගේ සප්න සිහිනයෙ යහන මත ...
රති සුව දෙනා...
නුබ කවුද කියපන් සරාගිනියේ
නොතිර සසරේ හමුවෙනා

රාගයේ පොත පෙරලනා විට
නුබේ නම එහි නොතිබුනී
එනමුත් පොත වසා දැහැනින් බැදෙන විටදීම
නුබේ රුපය මැවී බොදවී
පිටුව ගානේ මතු උනි

අගුලු ලා දොර ජනෙල් වැසුවේමි
අන්දකාරව ගුලිව උන්නෙමි
හිත ගලක් කර අරමුණක පිහිටා
දැහැන් ගත උන වෙලේ
නුබ හදේ කොතෙකුත් රැභැන් බැද
රාගයේ ගිනි අවුලතී

විල් තෙර හිද

මහෝඝයේ සීතල දිය පිරි ...
විල් තෙර හිද
මියුරු හඩින් නුබ ගයනා ගීයේ ...
පාළුව තනිකම මැකුනාවේ
බලාපොරොත්තුව නැගුනාවේ


හද බිත මත ඇදී නොගැබුරු සිතුවිලි

කාලය නම් ඔරු කද තුල දැවටී
නුබේ තෙලි තුඩින් පන ගැහෙනා හෝරාවේ
ඇත අතීතේ දුක්බර මතකය
ඒ ගී හඩ තුල දියබත් වේ


නුබ වෙනුවෙන් පමණක් ජීවත් වෙමි

මා හද තුල නුබ පා අතුරමි
එනමුත් කිසිවිට නුබ නොපතන්නෙමි
නුබේ සිහින ලොව මග හැර යන්නෙමි

ඒ හදේ පන ගැහෙන රාවයේ මගේ සුසුමන් ගිලේවා...

නුඹේ කට හඬ නොඇසෙනා දුර
මගේ කටහඬ ගිලීයන් ...
නුඹේ හීනයේ .......
මදුරු මාලිගා ඉදිවෙනා බිම
මගේ පැල්පත ගිනි වැදීයන්

තුරුණු කොවුලකු ගයන ගීයක
නුඹේ සවනේ රැදීයන්
නුබේ සිතුවිලි උපදිනා බිම
මගේ හද බිම නොවීනම්
තවත් කුමකට රැදෙන්නෙම් දෝ

මා මියෙන විට නුඹේ නෙත් යුග
තවත් හදකට යා වෙලා
ඒ හදේ පන ගැහෙන රාවයේ
මගේ සුසුමන් ගිලේවා

ඒ හදේ පන ගැහෙන රාවයේ මගේ සුසුමන් ගිලේවා...

නුඹේ කට හඬ නොඇසෙනා දුර
මගේ කටහඬ ගිලීයන් ...
නුඹේ හීනයේ .......
මදුරු මාලිගා ඉදිවෙනා බිම
මගේ පැල්පත ගිනි වැදීයන්

තුරුණු කොවුලකු ගයන ගීයක
නුඹේ සවනේ රැදීයන්
නුබේ සිතුවිලි උපදිනා බිම
මගේ හද බිම නොවීනම්
තවත් කුමකට රැදෙන්නෙම් දෝ

මා මියෙන විට නුඹේ නෙත් යුග
තවත් හදකට යා වෙලා
ඒ හදේ පන ගැහෙන රාවයේ
මගේ සුසුමන් ගිලේවා

Saturday, October 9, 2010

වැට පැන

නිමිත්ත - නිවසේ රැකවල් ලා තිබූ සිටි අශ්වයා නැති විය....


සැමියා -


සොදුර

නුබ...
මගේ අශ්වයා
දුටුවද

බිරිද -

නැත ප්‍රියය

එහා වත්තේ
කොනක
ලාඩමක් නම්
තිබී හමු විය

සැමියා -

සොඳුර.....???

එහා වත්තේ
තිබූ ලාඩම...!!
එගැන තොරතුරු
කොහොම දන්නෙද??


බිරිද -


හඳුනගන්නට

අස්ව ලාඩම
රස පරික්ෂක
තව පමා කිම...

සැමියා -


අශ්වයා සොයන කල

මගේ නෙත් මායිමෙන්
වැට පැන
සොඳුර නුබ...
නොදනීද?............
නුබේ
ලාඩම් පතුල්
වදින බව ඒ බිම

Friday, October 8, 2010

තෙත හදක බිත මත

තෙත හදක බිත මත
ලියා තැබූ සෙනෙහස
කාලයේ ඇවෑමෙන්...
පෙද පාසි බැදි ගිය
හද බිතක හමුවිය

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ
ඇත අතීතේ මිහිරිම සිතුවිලි
කල්ප කාලයක් රැකගන්නයි...
සුරැකිව මා සතු කරගන්නයි


හැගුම්බරී මනමාල හිනාවෙන්
ලියාදුන්නු පෙම් පත්
මා හද රැහෙනින් වෙලා ගැට ගසා
හද බිම වැළලු වේ
යලි ගොඩගෙන පදරුත් විමසන්නට
කාලයයි මේ


වැසි දිය තෙත් කල උයන් බිමේ
සක්මන් කර හිරිපොද වැස්සේ
තෙමී තෙමී උන් කාලය තුල සැගවී
ම ලියු පෙම් පත් දුබුල් බැදී දිරාන
යලි පාරයි හද මා 

මා දුටු නපුරු හීනය

රැයක මහ කළුවර ...
හිතක දුක කැටි කොට
ලියු දුක් ගී පද...
නැගෙන විට නිලබර
නිදන නුබ යහනත
දකිමි නුබ වැළපෙනු

ඒසද මා නෙතු ගැබ
නුබ සොයන මායිම
කවුරුදෝ වැට පැන
වෙනස්කර සැගවින