Powered By Blogger

Saturday, October 16, 2010

ඒ හදේ පන ගැහෙන රාවයේ මගේ සුසුමන් ගිලේවා...

නුඹේ කට හඬ නොඇසෙනා දුර
මගේ කටහඬ ගිලීයන් ...
නුඹේ හීනයේ .......
මදුරු මාලිගා ඉදිවෙනා බිම
මගේ පැල්පත ගිනි වැදීයන්

තුරුණු කොවුලකු ගයන ගීයක
නුඹේ සවනේ රැදීයන්
නුබේ සිතුවිලි උපදිනා බිම
මගේ හද බිම නොවීනම්
තවත් කුමකට රැදෙන්නෙම් දෝ

මා මියෙන විට නුඹේ නෙත් යුග
තවත් හදකට යා වෙලා
ඒ හදේ පන ගැහෙන රාවයේ
මගේ සුසුමන් ගිලේවා

No comments:

Post a Comment