Powered By Blogger

Saturday, October 16, 2010

කුරවි කිරිල්ලී

කුරවි කිරිල්ලී ගියා ඉගිල්ලී
මනමාල හැගුම් කෝල සිතුම්...
කොහෙද ගෙනගියේ...
මල් පාර පුරා පිනි විසිරුණු
හීන කොදෙවුවේ

කරට මාල හත බදින්න
ඉනවට ඔසරිය අදින්න
මුහුදු සතෙන් සත් ගවුවක්
ඇත ගියාදෝ........
මගේ සිහින මාලිගාවේ
මා පමණක්දෝ

වසන්තයට ගී ගයන්න
සිපද රාවෙට ඇහෙන්න
හීන එක්ක තරහ වෙලාඑන්න ඉගිල්ලී........
මල් පාර පුරා පිනි විසිරුණු
හීන කොදෙවුවේ........

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ
ඇත අතීතේ මිහිරිම සිතුවිලි
කල්ප කාලයක් රැකගන්නයි...
සුරැකිව මා සතු කරගන්නයි

හැගුම්බරී මනමාල හිනාවෙන්
ලියාදුන්නු පෙම් පත්
මා හද රැහෙනින් වෙලා ගැට ගසා
හද බිම වැළලු වේ
යලි ගොඩගෙන පදරුත් විමසන්නට
කාලයයි මේ

වැසි දිය තෙත් කල උයන් බිමේ
සක්මන් කර හිරිපොද වැස්සේ
තෙමී තෙමී උන් කාලය තුල සැගවී
ම ලියු පෙම් පත් දුබුල් බැදී දිරාන
යලි පාරයි හද මා 

නුබ කවුද

විරාගී හද කලබනා
මගේ සප්න සිහිනයෙ යහන මත ...
රති සුව දෙනා...
නුබ කවුද කියපන් සරාගිනියේ
නොතිර සසරේ හමුවෙනා

රාගයේ පොත පෙරලනා විට
නුබේ නම එහි නොතිබුනී
එනමුත් පොත වසා දැහැනින් බැදෙන විටදීම
නුබේ රුපය මැවී බොදවී
පිටුව ගානේ මතු උනි

අගුලු ලා දොර ජනෙල් වැසුවේමි
අන්දකාරව ගුලිව උන්නෙමි
හිත ගලක් කර අරමුණක පිහිටා
දැහැන් ගත උන වෙලේ
නුබ හදේ කොතෙකුත් රැභැන් බැද
රාගයේ ගිනි අවුලතී

විල් තෙර හිද

මහෝඝයේ සීතල දිය පිරි ...
විල් තෙර හිද
මියුරු හඩින් නුබ ගයනා ගීයේ ...
පාළුව තනිකම මැකුනාවේ
බලාපොරොත්තුව නැගුනාවේ


හද බිත මත ඇදී නොගැබුරු සිතුවිලි

කාලය නම් ඔරු කද තුල දැවටී
නුබේ තෙලි තුඩින් පන ගැහෙනා හෝරාවේ
ඇත අතීතේ දුක්බර මතකය
ඒ ගී හඩ තුල දියබත් වේ


නුබ වෙනුවෙන් පමණක් ජීවත් වෙමි

මා හද තුල නුබ පා අතුරමි
එනමුත් කිසිවිට නුබ නොපතන්නෙමි
නුබේ සිහින ලොව මග හැර යන්නෙමි

ඒ හදේ පන ගැහෙන රාවයේ මගේ සුසුමන් ගිලේවා...

නුඹේ කට හඬ නොඇසෙනා දුර
මගේ කටහඬ ගිලීයන් ...
නුඹේ හීනයේ .......
මදුරු මාලිගා ඉදිවෙනා බිම
මගේ පැල්පත ගිනි වැදීයන්

තුරුණු කොවුලකු ගයන ගීයක
නුඹේ සවනේ රැදීයන්
නුබේ සිතුවිලි උපදිනා බිම
මගේ හද බිම නොවීනම්
තවත් කුමකට රැදෙන්නෙම් දෝ

මා මියෙන විට නුඹේ නෙත් යුග
තවත් හදකට යා වෙලා
ඒ හදේ පන ගැහෙන රාවයේ
මගේ සුසුමන් ගිලේවා

ඒ හදේ පන ගැහෙන රාවයේ මගේ සුසුමන් ගිලේවා...

නුඹේ කට හඬ නොඇසෙනා දුර
මගේ කටහඬ ගිලීයන් ...
නුඹේ හීනයේ .......
මදුරු මාලිගා ඉදිවෙනා බිම
මගේ පැල්පත ගිනි වැදීයන්

තුරුණු කොවුලකු ගයන ගීයක
නුඹේ සවනේ රැදීයන්
නුබේ සිතුවිලි උපදිනා බිම
මගේ හද බිම නොවීනම්
තවත් කුමකට රැදෙන්නෙම් දෝ

මා මියෙන විට නුඹේ නෙත් යුග
තවත් හදකට යා වෙලා
ඒ හදේ පන ගැහෙන රාවයේ
මගේ සුසුමන් ගිලේවා

Saturday, October 9, 2010

වැට පැන

නිමිත්ත - නිවසේ රැකවල් ලා තිබූ සිටි අශ්වයා නැති විය....


සැමියා -


සොදුර

නුබ...
මගේ අශ්වයා
දුටුවද

බිරිද -

නැත ප්‍රියය

එහා වත්තේ
කොනක
ලාඩමක් නම්
තිබී හමු විය

සැමියා -

සොඳුර.....???

එහා වත්තේ
තිබූ ලාඩම...!!
එගැන තොරතුරු
කොහොම දන්නෙද??


බිරිද -


හඳුනගන්නට

අස්ව ලාඩම
රස පරික්ෂක
තව පමා කිම...

සැමියා -


අශ්වයා සොයන කල

මගේ නෙත් මායිමෙන්
වැට පැන
සොඳුර නුබ...
නොදනීද?............
නුබේ
ලාඩම් පතුල්
වදින බව ඒ බිම

Friday, October 8, 2010

තෙත හදක බිත මත

තෙත හදක බිත මත
ලියා තැබූ සෙනෙහස
කාලයේ ඇවෑමෙන්...
පෙද පාසි බැදි ගිය
හද බිතක හමුවිය

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ

තල්පත් අතරේ පෙම් පත් ලියුවේ
ඇත අතීතේ මිහිරිම සිතුවිලි
කල්ප කාලයක් රැකගන්නයි...
සුරැකිව මා සතු කරගන්නයි


හැගුම්බරී මනමාල හිනාවෙන්
ලියාදුන්නු පෙම් පත්
මා හද රැහෙනින් වෙලා ගැට ගසා
හද බිම වැළලු වේ
යලි ගොඩගෙන පදරුත් විමසන්නට
කාලයයි මේ


වැසි දිය තෙත් කල උයන් බිමේ
සක්මන් කර හිරිපොද වැස්සේ
තෙමී තෙමී උන් කාලය තුල සැගවී
ම ලියු පෙම් පත් දුබුල් බැදී දිරාන
යලි පාරයි හද මා 

මා දුටු නපුරු හීනය

රැයක මහ කළුවර ...
හිතක දුක කැටි කොට
ලියු දුක් ගී පද...
නැගෙන විට නිලබර
නිදන නුබ යහනත
දකිමි නුබ වැළපෙනු

ඒසද මා නෙතු ගැබ
නුබ සොයන මායිම
කවුරුදෝ වැට පැන
වෙනස්කර සැගවින

Saturday, July 31, 2010

කියනු මන ඇයි වසන්තය වී වසන්තය නාවේ


සිසිල නොදැනුනු විදා ගෙන ඇ
ගිම්හානයක් වගේ
මලක් නොපිපුණු
විහග ගී නැති වසන්තය අවේ
කියනු මන ඇයි වසන්තය වී
වසන්තය නාවේ

දිය බිදක් නැති හිරු එලිය අතරේ
දුන පොලවේ කටුක මන් පෙත්
නිවාලන්නට වැරදිලාදෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ

පරවෙලා ගිය මලින් ගැවසුණු
වියලි විල් පතුලේ
නොපිපි කුසුමන් නැගුනු
ගිනිදැල් නිවාලන්නට වැරදිලා දෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ

Friday, July 30, 2010


තල් පත් අතරේ පෙම් පත් ලිඋවේ
ඈත අතීතේ මිහිරිම සිතිවිලි
සුරැකිව මා සතු කරගන්නයි
තනිවම පදරුත් විමසන්නයි

නුබ ඇවිත් යන්න එක දවසක්


නුබ ඇවිත් යන්න එක දවසක්
මග බලාන ඉන්නම් කල්ප කලක්
නිල් තරු අතරින් සඳවතිය වෙලා
නුබ අවේ නැතිනම් කවදාවත්
මට දරාගන්න බෑ ඒ දුකනම්

නුබ සිනා සලන හැටි කර සරදම්
නිල් අහස දනීනම් කවදා හෝ
සඳවතිය වෙලා මගේ අහස යටින්
තරු රෑන පිරිවරා එනවාමයි
නෙතු පියන් යටට නුබ එනවාමයි

කතාකරන ඉදුනිල් දෙනුවන්
මග බලාන උන්නා මතකයි දැන්
ඒ නුවන් යටින් හිරු සඳු ඇවිදින්
ඇයි වහන් උනේ මේ තරම් කලින්
මට කියා දෙන්න නා මම තරහක්

පදරචනය ; උදිත වීරසිංහ

???????????.........

පෙම්වතා;...

නුබ මට දුන්නු...
ලේන්සුව විසිකරමි.....
හඳ පිරුණු අහසට....
ගෙත්තම් කරන්නට
සදසාවිය.......

පෙම්වතිය ;

නුබ මට දුන්නු
හිත විසිකරමි.....
අහුලා ගන්නට
වෙනකෙකුට.....
ආදරෙන්.......
මුද්‍රා තබන්නට.....

Thursday, July 29, 2010

නුබේ සුසුමක

මගේ හිත යට මෙතෙක් දගකළ

නොකී කවියක සිහින් රිදුමක

නුබේ සුසුමක තනුව අරගෙන

ලියන්නෙමි මම මගේ හිතයට

Sunday, July 18, 2010

වසන්තය තව දුරද ?


බිදීගිය හදවතක...
තව කුමක් සොයන්නද
නොකී එක කතාවක
කොතෙක් දේ සැගඋනිද?
නුබ දුන්නු ආදරෙන් කුමක්
කුමක් අරගෙන යම්ද ?
කියාපන් සොදුරියේ
වසන්තය තව දුරද ?

Tuesday, July 6, 2010

දෑස නිලුපුල් තෙමා

පුරහඳ (නුඹ)



එළියක් නැති ආකාසේ
එලිය දුන්නු පුරහඳ නුඹ
සිනා වපුළ හද මඩලට
සාවිය වු මගේ පුරහඳ

කොන් ගහේ අතු අතරින්
නැගෙන හිනා මුව සිපගෙන
පාවී ඇ නළරල්ලක
දගකම් පෑ දගකාරිය

සැදෑ වළා පෙළ සොරාන
රන්තරු අහුලා අතුරා
හිත් විල කැලබී ගිය කල
දිය යට හිද දගකල නුඹ

නින්ද නැති පැයේ දැවටී
මගේ හිත යට කවිකම් කර
ඒ කවිකම් වෑ නිල්ලේ
පියුම් අතර සැගවූ නුඹ

ගිනිගත් සුසුමින් වියලුනු
ජීවිතයේ කතර පුරා
කඩතොළු වී ගිය හදවත
පිරියම් කල දුක් පිරිපත

ඉරා තිමිර අදුරු පටල
සිනා සගවාන හද තුල
සොයා සරුබිම් පුරගන්නට
පැහැදුල නුඹ විය පෙරමග

මුතු කදුලින් මා දෙනෙතේ

දෙහදක උපන් කවිය



උතුරේ තල් වැටට කළුවර වැටෙන විට
දකුණේ පෑල හිරු අවරේ ගිලෙන විට
එක හදවතක් හිද දෙපලක හඩන විට
යුධ වැද කුමට එක හදවත බෙදන්නට

එක බිම් කඩට ආයි මේ ඇන කොටගෙන
එක පංගුවට ආයි මේ දුක බෙදාගෙන
ෙෙවර ගින්න හදවත් තුල දවාගෙන
ගිණි අවි යුධ වැදී කීම උන් මරාගෙන

මුහුදේ නැගෙන දළ රළ පෙළ එක සැටියා
දකුණට පායනා හිරු උතුරේත් සිටියා
දෙපලක උනත් එක කුසගිනි විදි සැටියා
නපුරු උනේ ආයි ගිණි කද මේ සැටියා

පැළ ගොයම



ටිකෙන් ටික ටිකෙන් ටික
හද ගැහෙන රාවයට
නැගී එන පැල ගොයම
බලා හිනැහෙත
හිරු එලිය

අප්පච්චි මහ කන්නෙ
වපුරාපු පැළ ගොයම

වෑ දියේ සිසිල විද
සහසකුත් පැතුම් මැද
හද පෙමින් උතුරුවා
නැගී එන පැළ ගොයම

අප්පච්චි වපුරාපු
දහඩියේ මුතු අහුර

අටු බරින් පුරවන
ණය බරින් මුදවන
රාව දෙන සියොතුන්ගේ
තුඩග රස නගන මතු
ප්‍රේමයේ අස්වැන්න

අප්පච්චි වත පුරා
නැගී ඇ හසරැල්ල

හිත පුරා පැළ ගැහුනු
දහසකුත් පැතුම් මැද
බිදෙන් බිද බිදෙන් බිද
නැගී ඇ මතුයමේ
සුබ ලකුණ

අප්පච්චි මහකන්නේ
ලේ ,කදුළු ,ඩා වපුල
හදාගත් පුංචි උන්

සඳ මිතුරියේ පායන්න මගේ අදුරු කුටියට

මම තාමත් මට ලියන්න බැරිඋනු කවිය හොයනවා .........

කවිය කියන්නේ හිත්මතේ ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ....
කවියක් ලියන එක හුගක් ලේසි උනාට එක කියවන කෙනා එක හැම වෙලේම ගන්නේ තමන්ගේ
ජීවිතෙත් එක්ක බැදුණු අද්දැකීමක් විදියට .......
අපේ ජීවිතේ අපි මුල්ම කවිය ලියන්නේ අපේ අම්මට ....
එත් මම මුලින්ම කවියක් ලිවූවේ ආදරේ ගැන.....
මම තාමත් කවි ලියන්නෙ ආදරේ ගැන ......
එත් එක කවියක් වත් අමම්ට ලියන්න මම තාමත් වචන හොයනවා...
කවද හරි මම ඒ වචන හොයාගත්තු දවසට මගේ
ජීවිතේ ලියන ලස්සනම කවිය ලියනවා .....

Thursday, July 1, 2010

හන්තාන ගීතය



උස්ගිර පාමුල හන්තානේ
දෙහදක බැදි පෙම ගිලිහී යාදෙන්
කදුළු බිදක් වන රේඛා අතරේ
සැගවී හඩනා විහාගුන්නේ
ඉකිබිබුනාවේ හැඩුවා වේ

බොද උණු අදර සිහින කොදෙවුවේ
මියැදුණු සඳවත පාලු කපන අදුරේ
රෑහීයන්ගේ මුසල හඩ මැද
විහගුන් දෙපළක් හඩා වැටෙයි

නටඹුන් උණු ඒ පාලු ඉසවුවේ
කාලය යට සැගවී ඇත්තේ
දෙහදක බැදි පෙම පමණකි ආදර
විහගුන්ගේ ඒ හඩ පතුලේ
හන්තානේ කදු පාමුල ඉද
ඒ හඩ නැගුනාවේ

පදරචනය ;උදිත වීරසිං

සැළමුතු ප්රේමය





තුඩග පන්හිද ගොළුවෙලා යන
දුරුතු හීතල හිඋඩු ගන්වන
නිසල හිත් විල කුමුදු පරවෙන
කුමට තනි මට පුරපසේ සඳ

විඩාබර නෙත් අගින් වෑහෙන
කදුල නුබ වී සරණ මොහොතක
දෙතොල් මත මුමුණනා ගීයක
පුරුදු තානම වයන්නේ නුඹ

කොබෙයියෙකුගේ ශෝක ගීතය
විල් දියේ රැළි නන්වනා යුරු
මතක් වේ මට නුබේ නෙත් සර
කම්පනය වේ නුවන් සිත් විල

නොකී උව මා නුබට බැදී පෙම
මගේ මුව මත මැවෙන හසරේලි
නුබේ හදවිල නිදන්ගත බව
නොහෙගේනාබව අරුමයකි තව

මෙවෙන සිතුවම් සිතිජයේ ඉම
එක් නොවන මුත් කවරදාවත්
සදත් කුමුදුත් මුණ ගැසෙන්නේ
පුරපසේ සඳ පැයූ දවසකයි

වසන්තය සේ ඇවිත් මා ලග
හීන දෑසක දියවරක් බැද
නිදන් කල හිත් විලේ දිය යට
පිපෙන්නට වෙර ගනී සියපත

මිදෙල්ල මල ,නුබ ,මම



අතු පතර විල් දියට වැටුණු
මිදෙල්ල ගසක පිපුණු මල
විල් දියට වැටී .......
පාවී යයි .......

විල් දිය ගලයි නොනවත්වාම
කොයි අතක නුඹ
ගෙනයම්දැයි නොදැන

සොදුර නුබට නොකී කතාවක්



ඉරගල උඩින් ඉර එබෙන විට
වෙල ලග විලේ
පිපිලා තිබුණි නෙළුමක්
මට හිතුන එක නෙලලා ඔයාට දෙන්න

එත් එ මල එතුලෙ බිගුන් දෙන්නෙක්
ගුලි ඇදිල උන්න

මම අත දිගුකලා නෙලාගන්න

එතකොට උන් දෙන්න
තව තවත් මල් පෙත්තකට
ගුලි ඇදුන

මම හිස් අතින් අපහු හැරුන

ආදරය වෑස්සී ඉකි බිද්යි




රීහි නද නැගුනු දුර වෙල් එළියේ හේඩාව
ඇහැ කන නිල වැටෙන ගැන අදුරු අඩ නින්ද
සීතලෙන් ගුලි ගැහුණු වරිච්චි බිත්තිය මුල්ලේ
ගුලි වී නිදන හීන් එකී

පිලකඩට එන තියන් අප්පච්චි හුල්ලන
නියන් සායට හදන කොබෙයියකු මෙන
බෝල් ඉපල් වෙල් එලියෙ ඉගි මරණ තරු ඩේස
නිරුවතින් නිදන්නේ කොහොම විලි සංගි නැතුව

කාටවත් නොකියාම අම්ම ගිය අතක් නෑ
ඒ දුකින් බෝල් සුසුම් ඉකිබිද්යි
නය බරට හෙට්ටු කල මුදලාලි වන්දියට
පිලිකනන් ලොකු අක්ක ගෙට ඇදෙයි වන්දියට

මුස්පේන්තු හිස් අහස කටු ඉපල් දරාගෙන
බිදෙන් බිද වැස්සෙන ගෝඩ හැලියට වැටෙත
කුස්සෙයේ පිටුපසින ඉපල් බේරුණු මහ කදුරු කටු පදුර
යලි කැකෑරී පෙහෙන්නේ ගිනි දමා ජීවිතය

කකාරා කෙල ගසා පුළුටු කරගත් මුහුණු
සැදෑවේ අතු පැළට ජීවිතය ගෙන ඇදෙත
අත දියන් නැගිටින්න ජීවිතේ තුරුළු කර
අප්පච්චි පැහිල ඉවරනම් බෙදා දීපන් ඩිංග ඩිංග

රචනය ; උදිත වීරසිංහ
2010/06/23

කල්වාරි කන්ද පාමුල



බිදුණු තල් වට පාමුලට විත්
නුබ තරමටම මමත් උසයයි
වහසි බස් තෙපලු
පුංචි රාජේශ් නුඹට මතකද
කියාපන් කල්වාරි

මීට හුග කාලෙකට ඉස්සරදි
පානදු පැහැති නාවර පෙරාගත් හීන්දේරී කොල්ලකු
අත් දෙකින් හෙළුවැල්ල වසාගෙන
නුඹට හිනැහුනා මතකද
ඒ මම තමයි කල්වාරි

සිහිනයෙන් හිටි වනම නල්ලූර් කෝවිලේ
සීනු හද නැගුනු විට
පනගේහෙන බව මගේ හදවත
යටිගිරියෙන් කෑගසා
මං නුඹට කිවුවා පුංචි කල්වාරි

අවියකට වඩා බර
උන්ද ඇස සොයාගෙන විමුක්තිය
කිදාබෙස ගත්තු දා
හෙළුවැල්ල වසා ගන්නට මගේ
නොකීවේ ඇයි
මගේ කල්වාරි

මං කරපු අහිංසක විහිලුවට
ඇයි මගෙන් පළිගත්තේ
කල්වාරි

රචනය ; උදිත වීරසිංහ

උපමා කුමට


පොතක් වෙමි නුබ පෙරලනා මා
සැලෙන තුඩු අතරේ
මලක් වේ නුම මා නෙලාගත් මල් බදුන අතරේ
වැවක් වෙමි නුබ මගේ රු සපු සගවනා දියබේ
සඳක් වෙමි නුබ මගේ පුරපස
නැගෙන දුර අහසේ

ගලක් වූවට හිතන්නත් බැරි තරම් දුක සගවා
මලක් වී මා ඉතින් පුබුදමු මල් කැකුළු නංවා
ඉතින් එහෙනම් මගේ පුරපස
සඳත් නුබ වී හිරුත් නුබ වී තරුත් නුබ වේ නම්
කුමක් වෙන්නද මා

මගේ දෙඅදර පූරා තැවරුණු සඳුන් සුවදක් වී
ඉතින් නුබ මා වෙලාගත්නම් වරපටක් වී රේ සුමුදු යහනේ
කළුවරත් නුබ පුරහදත් නුබ මගේ ලග රැදුනේ
ඉතින් එහෙනම් කුමට උපමා නුබට පෙම්වතියේ

පදරචනය ; උදිත වීරසිංහ

Thursday, June 24, 2010

මම එවිත් බලා යන්නම් නොකියාම



තාරුකා නිදන නිලබර අහස යට
අදරෙත් සොරාගෙන නුබ නිදනවද
මග බලා හිදිමි ගනදුරු රෙයක් මෙද
සඳ සේම නෙගී එනතුරු හිතට නුබ

කෙළවරක් පෙනෙන නොපෙනෙන අහස යට
හිතුමතේ එත යන්නට හිතනවද
ඔය සිනා වතට පුරහද එබෙන විට
තාරුකා අතුල පිනි දිය පවස කිම

නෙතු පුරා නෙගෙන උණුසුම් කදුලකට
ඉඩ දෙන්න මගේ නෙතු යට සෙගවෙන්න
ඉදු නීල කෙල්ම සගවාගෙන ඉන්න
මම එවිත් බලා යන්නම් නොකියාම

පදරචනය ; උදිත වීරසිංහ

මගේ කවිය ඇසුනා



කියාදෙන්න මට මිහිරිම කවියක
තනුව උනේ කොහොමද කියලා
වසන්ත කෝකිලයන්ගේ
තුඩගින් ගිලිහී එතින් එතට ....
පෙන නැගෙනා . ......

කල්ප කාලයක් පෙරුම් පුරාගෙන
සසර ඉමේ හමුවන යාමේ
මගේ සෙනෙහසේ කවිය ලියන්නට
එඉ නුබ මෙතරම් ලත වෙන්නේ

හිතේ පිපෙන හෙගුමන් අතරේ හිද
එත එදීයන සිහින් දුකක පෙටලී
එතින් එතට එතින් එතට
සිහින් හැදින් මුමුණා ...
මගේ කවිය ඇසුනා

පදරචනය ; උදිත වීරසිංහ
2010/06/02

දුක් ගී මිමිනෙඉ




මගෙ තනි හිත අද්දර නුබ
තනියට එවිදින්
මෙදියම් රේ අකසේ.....
සරා සඳට හොරෙන් හොරෙන්
සිතුවිලි තුල සක්මන් කර
කනට සෙමෙන් කොදුරාලා
දුක් ගී මුමුනඊ.....

සියපත් විල් දිය මත්තේ
පිපී දිලෙන පොද වෙස්සේ ....
සෙමෙන් සෙමෙන් තුරුළු වෙවී
හීගඩු පීදෙන යාමේ ........
නෙඋම් පෙතුම් පුරවාගෙන
නුබමය අවේ.......
නුබමඊ යන්න ගියේ ....

කළුවන් කළු වලා කුලෙන්
එබිකම් කර හිනාවෙලා ....
නෙඋම් පෙතුම පුරවාගෙන
තරු කෙට වන මුතු අහුරක
සෙගවී ආවත් ... .
ගල් පරයක හෙපී බිදී
මගේ පෙතුම් යට කරගෙන
දුක් ගී මිමිනෙඉ ...

පදරචනය ; උදිත වීරසිංහ
2010/06/12

නුබත් මමත් විතරඉ අද පාලු වීදියේ




සිහින මියෙන සද මියයන
අහස් නිම්නයේ ...............
ඒවිද යන්න එවිත් යන්න ඉරබටු තරුවේ
රේ සිහිනෙන් අදුර මෙදින් .......
අදුරු හදට පිය නගන්න ඉරබටු තරුවේ

ඉරට හදට තනි රකින්න
සුවප්න විජිතයේ ......
රේ සිහිනෙන් හදට වඩින්
ඉරබටු තරුවේ ....
උබත් මමත් පමණඉ අද
සිහින නිම්නයේ ...

එක හදකට පෙම් බදින්න
අනන්තය දිගේ
විරහ හිතට පියනගන්න
ඉරබටු තරුවේ
නුබත් මමත් විතරඉ අද
පාලු වීදියේ

පදරචනය :උදිත වීරසිංහ

ලිහිණීයෝ



ඉඩෝර උ මේ හිත අහසේ හිද
සක්මන් කලාට ලිහිනීයේ
මේ අහසේ නුබ නොදන්නා දේවල්
කොතෙකුත් ලිය වී එත රහසේ

අහස උසට නෙග් තුරුපත් අතරේ
සිහින වෙමානේ මේකුළු අතරේ
අන්දකාර ගැන අදුරු ඉමේ
නොදන්නා දේ සෙගවී එත්තේ

නෙතගින් කදුලක් පුරවගන නුබ
කොතෙකුත් සේරුවත් හිස් අහසේ හිද
නුබත් තනි උන මාත් තනි උනා
පමණී ලිහෙනියෝ

පදරචනය : උදිත වීරසිංහ
2010/0610

මා හද පාර ලිය උණු ........




මා හද පාර ගිලිහුණු පද වෙල්
ගීයක අතුරා නුබට පුදන්නම්
එ ගීයේ රෙඩ් ශෝකී ගී හද
නෙසී නුබගේ
දෙසවන් අතරේ
සුමදුර ගීයක් මතු වීයන්

හිත තුල පේරී වදදුන් සිතුවිලි
වදන් වලට කෙටිවී
මගේ මුවින් ගිලිහෙන යාමේ
එ ගී හඩ නුබේ දෙසවන් අතරේ
බලාපොරොත්තුව ගෙන එවා

කාලය තුල සේගවීගත් මතකය
සිහිනෙන් විත් හඩ පාරද්දී
හෙගුම් වලට ඉඩදී මොහොතක්
හසරෙල් නගනු නෙතී

පදරචනය : උදිත වීරසිංහ

නුබ සහ මම



දයාබර අහස යට
නෙතු වෙලාගෙන හඩන
බිනර මහ අදුර මම
සුපුන් සද එලිය නුබ

නෙක වලාවන් අතර
රිදී පෙහෙ තනි තරුව
මගේ හද සව්ර අතර
නොලියඋණු කවිය නුබ

සදාකල් තනි මකන
අගිලි තුඩු අග රෙදෙන
දයාබර කවිය නුබ
බිනර මහ අදුර මම

පදරචනය ; උදිත වීරසිංහ

අවුරුදු තිළිණය




වසන්තයේ කොවුල් නදින් අවුරුදු එන වංගියේ
හිතට හොරා දුක ඇවිදින තුරුළු උනා රෙ යාමේ
නුබට දෙන්න කිසිවක් මට හිතාගන්න බෙරි උනේ
වාන් දමන මගෙ කව් හිත විතරඊ තිබුනේ නගේ

වහෙවාරන සළුපිලි අබරණ තිබුනත් හන්දියේ
එ කිසිවක් අරන් දෙන්න අතමිට නෙත නංගියේ
නෙතට හොරා නෙත රිදවා කදුලක් නෙගී වංගියේ
මගෙ කවි හිත අරන් ගිහින් කවි ලියපන් නංගියේ

එ කවි හිත නුබ අරගෙන කවි ලියනා සන්දියේ
පන්හිද තුඩු අතරේ පද අමුනන්නම් සීරුවෙන්
එ යාමේ නුබ ලිඋ ගී නුබ ගයනා යාමයේ
දුරින් ඉදන් වත් අහගෙන ඉන්නම් මගෙ නංගියේ

පදරචනය ; උදිත වීරසිංහ
2010/04/07

මගේ සඳ සොයයි



සඳ උතුරා පිටාර යන
නීල නයන ගංගාවේ .........
සෙමෙන් සෙමෙන් චංචල වී
මගේ සඳ බිදෙඉ .....
මා තවම වැවූ දියේ සැගවුණු මගේ සඳ සොයඊ

රත් නෙලුම් පිපෙඉ .......
නෙතු කැල්මෙන් නුබ සඳක් වගෙඉ .......
එ සදට තනිරකින තනිවූනු
තරුව මං වගෙඉ .............

මා නින්ද නැති රෙයේ හීනෙන් නුබේ අත අරන්
වැවූපිටිය පුරා සක්මන් කර වෙහෙස වී හිදෙඉ
මේ අහස මගේමඊ නුබ මට ඔච්චමට කියඊ
මා තවම නුබේ පාමුල තනි උණු තරුව තමඉ

සන්නාලියනි



ලේ මුසු සුවද දහදිය පිස එන සුළගේ

හද වත දැවේ ගිනියම් වූ රළු සුළගේ

ඉදිකටු තුඩට බැරි වුනු මැස්මක් නුඹගේ

හද වත පුරා එහෙ මෙහෙ දුව හැන්ගේ

?????.....................



නින්ද නැති පැයේ දැවටී
මගේ හිත යට කවිකම් කර
එ කවිකම් වැවූ නිල්ලේ
පිඋම් අතර සැගවූ නුබ

කොන් ගහේ අතු පතරින්
නැගෙන සිනා මුව සිපගෙන
හිත විල කැලබී ගිය කල
දිය යට හිද දගකල නුබ

ඉරා තිමිර අදුරු පටල
සිනා සගවාන හද තුල
සොයා සරු බිම් පුරා ගන්නට
පැහැදුල නුබ විය පෙරමග

පෙම්වතිය ..




නෙක හැගුම් හද දල්වමින්
එපා මා බැද තබන්නට
අදරෙන්...

ප්රෙමයෙන් පුරාගත්
රාගයේ නුරා විත
එපා තව අදරෙන් පුරවන්ට

ඉඩ දෙන්න ඉඩ දෙන්න
බැමි ලිහා ඉගිලෙන්න
විශ්වයට

විත්තිකාරිය



අකීකරු නුබෙ සුසුම් දැළ මත
පැටලිලා ගිය මගේ නෙත්...
තේමා කදුලින් යදම් බැද සිත
අගුලු දැමුවේ මගේ නෙත්

මිහිරි වු නුබෙ පෙම් බදින සුළු කතා
සුරේ ගිලී ගිය හද
තව තවත් එහි ගැබුරු දිය මත
අද දෙමුවෙත් නුබේ පෙම් හඩ

නෙතට රසදුන උනත් නුබ රුව
නියගලා මල වී මගේ ලග
නොපෙන්වා නුබෙ විස පෙගුනු හද
මරා දෙමුවේ මගේ පෙම් හිත

නුබ සහ මම



දයාබර අහස යට

නෙතු වෙලාගෙන හඩන
...
බිනර මහ අදුර මම

සුපුන් සද එලිය නුබ


නෙක වලාවන් අතර

රිදී පෙහෙ තනි තරුව

මගේ හද සව්ර අතර

නොලියඋණු කවිය නුබ


සදාකල් තනි මකන

අගිලි තුඩු අග රෙදෙන

දයාබර කවිය නුබ

බිනර මහ අදුර මම


පදරචනය ; උදිත වීරසිංහ

සඳට දිලුණු නුබ



සදට දිලෙන මල් වල රුව තරම් නුබ හැඩයි
නෙතට නැගුනු සතුටු කදුල වගේ ලස්සනයි
සිනා වපුල තරු යහනට වැටුණු සඳ වගෙයි
ඊටත් මගේ හද කතරේ පිපුණු මල වගෙයි

සදුන් ගසේ සමන් මලක් වගෙ නුබ එතී
දුරුතු මහේ සීතල වී මා වෙලා ගනිය්
රල නගනා රළ බිදගෙන නැගුනු රළ වේගේ
හද බිදගෙන කවියක් වී මුවට නුබ නැගෙයි

තුරු මුදුනේ තුරුපත් අග රැදුණු පිනි වගේ
හිත පත්ලේ දුක් කරදර නිවා නුබ නැගෙයි
එ යාමේ හිත පතුලේ නැගුනු ප්‍රේමයේ
ගීයක පද පිර වූවේ ඔබයි සොදුරියේ .

පදරචනය ; උදිත වීරසිංහ
2010/05/21

ඇය යන්න ගියා හෙමි හෙමිහිට



සඳ එලිය යටින් එබිකම් කරමින්
දුර ඈත සිතිජයේ පැන නැගෙනා .....
මුතු පුරා මතින් එබිකම් කරමින්
පෙර දිනයක හරි හදිස්සියෙන් නුබ ආවා....

හිතේ අගුලු ලා සිරගත ප්රේමය
අනන්තයේ හිස් අහසේ
තනි වුණු රෑ කොවුලකු තුඩ
නින්නාදව නැගෙනා යාමේ
හරි හදිස්සියෙනි නුබ අවේ
පාළුව රජවුණූ එ යාමේ

අසිනි වැසි වැටී දෝඕ ගලාගිය
කර්ණ කටුක හිත පතුලේ
දුවිලි සුළගේ කැලතී කැලතී
අවා සේ ඉක්මන් නොවුනත්
නුබ යන්න ගියා හෙමි හෙමිහිට

පදරචනය ..උදිත වීරසිංහ

නුඹ සිටියා මතකයි දුර අහස සේ එතී



එක කුඩයක තුරුළු වෙලා
ආදරෙන් බැදී
නුඹ සිටියා මතකයි
දුර අහස සේ එතී
එ අහසින් පැනනැගෙන්න ආදරෙත් අරන්

එක දවසක් මතකද දුර
අහස දෙස බලා
තනි තරුවට පෙම් කරනා බව හුගක් කියා
මගේ උරයේ මුහුණ හොවා දගකාර ඇසින්
කදුලක් වැගිරුවා මගේ උරමඩල තෙමා

සරා සඳ යන්න බැස
කලුවරට ඉඩ දිදී
පියුම් පත් හෙමින් ඇහෙරෙයි
රේ අහස යටින්

පදරචනය ; උදිත වීරසිංහ

සත්කුළු පවුව

කවිය කියන්නේ හිත්මතේ ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ....
කවියක් ලියන එක හුගක් ලේසි උනාට එක කියවන කෙනා එක හැම වෙලේම ගන්නේ තමන්ගේ
ජීවිතෙත් එක්ක බැදුණු අද්දැකීමක් විදියට .......
අපේ ජීවිතේ අපි මුල්ම කවිය ලියන්නේ අපේ අම්මට ....
එත් මම මුලින්ම කවියක් ලිවූවේ ආදරේ ගැන.....
මම තාමත් කවි ලියන්නෙ ආදරේ ගැන ......
එත් එක කවියක් වත් අමම්ට ලියන්න මම තාමත් වචන හොයනවා...
කවද හරි මම ඒ වචන හොයාගත්තු දවසට මගේ
ජීවිතේ ලියන ලස්සනම කවිය ලියනවා .....