
ටිකෙන් ටික ටිකෙන් ටික
හද ගැහෙන රාවයට
නැගී එන පැල ගොයම
බලා හිනැහෙත
හිරු එලිය
අප්පච්චි මහ කන්නෙ
වපුරාපු පැළ ගොයම
වෑ දියේ සිසිල විද
සහසකුත් පැතුම් මැද
හද පෙමින් උතුරුවා
නැගී එන පැළ ගොයම
අප්පච්චි වපුරාපු
දහඩියේ මුතු අහුර
අටු බරින් පුරවන
ණය බරින් මුදවන
රාව දෙන සියොතුන්ගේ
තුඩග රස නගන මතු
ප්‍රේමයේ අස්වැන්න
අප්පච්චි වත පුරා
නැගී ඇ හසරැල්ල
හිත පුරා පැළ ගැහුනු
දහසකුත් පැතුම් මැද
බිදෙන් බිද බිදෙන් බිද
නැගී ඇ මතුයමේ
සුබ ලකුණ
අප්පච්චි මහකන්නේ
ලේ ,කදුළු ,ඩා වපුල
හදාගත් පුංචි උන්
සුපිිරි👍
ReplyDelete