
පොතක් වෙමි නුබ පෙරලනා මා
සැලෙන තුඩු අතරේ
මලක් වේ නුම මා නෙලාගත් මල් බදුන අතරේ
වැවක් වෙමි නුබ මගේ රු සපු සගවනා දියබේ
සඳක් වෙමි නුබ මගේ පුරපස
නැගෙන දුර අහසේ
ගලක් වූවට හිතන්නත් බැරි තරම් දුක සගවා
මලක් වී මා ඉතින් පුබුදමු මල් කැකුළු නංවා
ඉතින් එහෙනම් මගේ පුරපස
සඳත් නුබ වී හිරුත් නුබ වී තරුත් නුබ වේ නම්
කුමක් වෙන්නද මා
මගේ දෙඅදර පූරා තැවරුණු සඳුන් සුවදක් වී
ඉතින් නුබ මා වෙලාගත්නම් වරපටක් වී රේ සුමුදු යහනේ
කළුවරත් නුබ පුරහදත් නුබ මගේ ලග රැදුනේ
ඉතින් එහෙනම් කුමට උපමා නුබට පෙම්වතියේ
පදරචනය ; උදිත වීරසිංහ
No comments:
Post a Comment