උස්ගිර පාමුල හන්තානේ
දෙහදක බැදි පෙම ගිලිහී යාදෙන්
කදුළු බිදක් වන රේඛා අතරේ
සැගවී හඩනා විහාගුන්නේ
ඉකිබිබුනාවේ හැඩුවා වේ
බොද උණු අදර සිහින කොදෙවුවේ
මියැදුණු සඳවත පාලු කපන අදුරේ
රෑහීයන්ගේ මුසල හඩ මැද
විහගුන් දෙපළක් හඩා වැටෙයි
නටඹුන් උණු ඒ පාලු ඉසවුවේ
කාලය යට සැගවී ඇත්තේ
දෙහදක බැදි පෙම පමණකි ආදර
විහගුන්ගේ ඒ හඩ පතුලේ
හන්තානේ කදු පාමුල ඉද
ඒ හඩ නැගුනාවේ
පදරචනය ;උදිත වීරසිංහ
No comments:
Post a Comment