
එළියක් නැති ආකාසේ
එලිය දුන්නු පුරහඳ නුඹ
සිනා වපුළ හද මඩලට
සාවිය වු මගේ පුරහඳ
කොන් ගහේ අතු අතරින්
නැගෙන හිනා මුව සිපගෙන
පාවී ඇ නළරල්ලක
දගකම් පෑ දගකාරිය
සැදෑ වළා පෙළ සොරාන
රන්තරු අහුලා අතුරා
හිත් විල කැලබී ගිය කල
දිය යට හිද දගකල නුඹ
නින්ද නැති පැයේ දැවටී
මගේ හිත යට කවිකම් කර
ඒ කවිකම් වෑ නිල්ලේ
පියුම් අතර සැගවූ නුඹ
ගිනිගත් සුසුමින් වියලුනු
ජීවිතයේ කතර පුරා
කඩතොළු වී ගිය හදවත
පිරියම් කල දුක් පිරිපත
ඉරා තිමිර අදුරු පටල
සිනා සගවාන හද තුල
සොයා සරුබිම් පුරගන්නට
පැහැදුල නුඹ විය පෙරමග
No comments:
Post a Comment