
උතුරේ තල් වැටට කළුවර වැටෙන විට
දකුණේ පෑල හිරු අවරේ ගිලෙන විට
එක හදවතක් හිද දෙපලක හඩන විට
යුධ වැද කුමට එක හදවත බෙදන්නට
එක බිම් කඩට ආයි මේ ඇන කොටගෙන
එක පංගුවට ආයි මේ දුක බෙදාගෙන
ෙෙවර ගින්න හදවත් තුල දවාගෙන
ගිණි අවි යුධ වැදී කීම උන් මරාගෙන
මුහුදේ නැගෙන දළ රළ පෙළ එක සැටියා
දකුණට පායනා හිරු උතුරේත් සිටියා
දෙපලක උනත් එක කුසගිනි විදි සැටියා
නපුරු උනේ ආයි ගිණි කද මේ සැටියා
No comments:
Post a Comment