Powered By Blogger

Friday, July 30, 2010

නුබ ඇවිත් යන්න එක දවසක්


නුබ ඇවිත් යන්න එක දවසක්
මග බලාන ඉන්නම් කල්ප කලක්
නිල් තරු අතරින් සඳවතිය වෙලා
නුබ අවේ නැතිනම් කවදාවත්
මට දරාගන්න බෑ ඒ දුකනම්

නුබ සිනා සලන හැටි කර සරදම්
නිල් අහස දනීනම් කවදා හෝ
සඳවතිය වෙලා මගේ අහස යටින්
තරු රෑන පිරිවරා එනවාමයි
නෙතු පියන් යටට නුබ එනවාමයි

කතාකරන ඉදුනිල් දෙනුවන්
මග බලාන උන්නා මතකයි දැන්
ඒ නුවන් යටින් හිරු සඳු ඇවිදින්
ඇයි වහන් උනේ මේ තරම් කලින්
මට කියා දෙන්න නා මම තරහක්

පදරචනය ; උදිත වීරසිංහ

1 comment: