
බිදුණු තල් වට පාමුලට විත්
නුබ තරමටම මමත් උසයයි
වහසි බස් තෙපලු
පුංචි රාජේශ් නුඹට මතකද
කියාපන් කල්වාරි
මීට හුග කාලෙකට ඉස්සරදි
පානදු පැහැති නාවර පෙරාගත් හීන්දේරී කොල්ලකු
අත් දෙකින් හෙළුවැල්ල වසාගෙන
නුඹට හිනැහුනා මතකද
ඒ මම තමයි කල්වාරි
සිහිනයෙන් හිටි වනම නල්ලූර් කෝවිලේ
සීනු හද නැගුනු විට
පනගේහෙන බව මගේ හදවත
යටිගිරියෙන් කෑගසා
මං නුඹට කිවුවා පුංචි කල්වාරි
අවියකට වඩා බර
උන්ද ඇස සොයාගෙන විමුක්තිය
කිදාබෙස ගත්තු දා
හෙළුවැල්ල වසා ගන්නට මගේ
නොකීවේ ඇයි
මගේ කල්වාරි
මං කරපු අහිංසක විහිලුවට
ඇයි මගෙන් පළිගත්තේ
කල්වාරි
රචනය ; උදිත වීරසිංහ
No comments:
Post a Comment