
සදට දිලෙන මල් වල රුව තරම් නුබ හැඩයි
නෙතට නැගුනු සතුටු කදුල වගේ ලස්සනයි
සිනා වපුල තරු යහනට වැටුණු සඳ වගෙයි
ඊටත් මගේ හද කතරේ පිපුණු මල වගෙයි
සදුන් ගසේ සමන් මලක් වගෙ නුබ එතී
දුරුතු මහේ සීතල වී මා වෙලා ගනිය්
රල නගනා රළ බිදගෙන නැගුනු රළ වේගේ
හද බිදගෙන කවියක් වී මුවට නුබ නැගෙයි
තුරු මුදුනේ තුරුපත් අග රැදුණු පිනි වගේ
හිත පත්ලේ දුක් කරදර නිවා නුබ නැගෙයි
එ යාමේ හිත පතුලේ නැගුනු ප්‍රේමයේ
ගීයක පද පිර වූවේ ඔබයි සොදුරියේ .
පදරචනය ; උදිත වීරසිංහ
2010/05/21
No comments:
Post a Comment