
වසන්තයේ කොවුල් නදින් අවුරුදු එන වංගියේ
හිතට හොරා දුක ඇවිදින තුරුළු උනා රෙ යාමේ
නුබට දෙන්න කිසිවක් මට හිතාගන්න බෙරි උනේ
වාන් දමන මගෙ කව් හිත විතරඊ තිබුනේ නගේ
වහෙවාරන සළුපිලි අබරණ තිබුනත් හන්දියේ
එ කිසිවක් අරන් දෙන්න අතමිට නෙත නංගියේ
නෙතට හොරා නෙත රිදවා කදුලක් නෙගී වංගියේ
මගෙ කවි හිත අරන් ගිහින් කවි ලියපන් නංගියේ
එ කවි හිත නුබ අරගෙන කවි ලියනා සන්දියේ
පන්හිද තුඩු අතරේ පද අමුනන්නම් සීරුවෙන්
එ යාමේ නුබ ලිඋ ගී නුබ ගයනා යාමයේ
දුරින් ඉදන් වත් අහගෙන ඉන්නම් මගෙ නංගියේ
පදරචනය ; උදිත වීරසිංහ
2010/04/07
No comments:
Post a Comment