විරාගී හද කලබනා
මගේ සප්න සිහිනයෙ යහන මත ...
රති සුව දෙනා...
නුබ කවුද කියපන් සරාගිනියේ
නොතිර සසරේ හමුවෙනා
රාගයේ පොත පෙරලනා විට
නුබේ නම එහි නොතිබුනී
එනමුත් පොත වසා දැහැනින් බැදෙන විටදීම
නුබේ රුපය මැවී බොදවී
පිටුව ගානේ මතු උනි
අගුලු ලා දොර ජනෙල් වැසුවේමි
අන්දකාරව ගුලිව උන්නෙමි
හිත ගලක් කර අරමුණක පිහිටා
දැහැන් ගත උන වෙලේ
නුබ හදේ කොතෙකුත් රැභැන් බැද
රාගයේ ගිනි අවුලතී
No comments:
Post a Comment