මහෝඝයේ සීතල දිය පිරි ...
විල් තෙර හිද
මියුරු හඩින් නුබ ගයනා ගීයේ ...
පාළුව තනිකම මැකුනාවේ
බලාපොරොත්තුව නැගුනාවේ
හද බිත මත ඇදී නොගැබුරු සිතුවිලි
කාලය නම් ඔරු කද තුල දැවටී
නුබේ තෙලි තුඩින් පන ගැහෙනා හෝරාවේ
ඇත අතීතේ දුක්බර මතකය
ඒ ගී හඩ තුල දියබත් වේ
නුබ වෙනුවෙන් පමණක් ජීවත් වෙමි
මා හද තුල නුබ පා අතුරමි
එනමුත් කිසිවිට නුබ නොපතන්නෙමි
නුබේ සිහින ලොව මග හැර යන්නෙමි
No comments:
Post a Comment