සිසිල නොදැනුනු විදා ගෙන ඇ
ගිම්හානයක් වගේ
මලක් නොපිපුණු
විහග ගී නැති වසන්තය අවේ
කියනු මන ඇයි වසන්තය වී
වසන්තය නාවේ
දිය බිදක් නැති හිරු එලිය අතරේ
දුන පොලවේ කටුක මන් පෙත්
නිවාලන්නට වැරදිලාදෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ
පරවෙලා ගිය මලින් ගැවසුණු
වියලි විල් පතුලේ
නොපිපි කුසුමන් නැගුනු
ගිනිදැල් නිවාලන්නට වැරදිලා දෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ
තල් පත් අතරේ පෙම් පත් ලිඋවේ
ඈත අතීතේ මිහිරිම සිතිවිලි
සුරැකිව මා සතු කරගන්නයි
තනිවම පදරුත් විමසන්නයි
නුබ ඇවිත් යන්න එක දවසක්
මග බලාන ඉන්නම් කල්ප කලක්
නිල් තරු අතරින් සඳවතිය වෙලා
නුබ අවේ නැතිනම් කවදාවත්
මට දරාගන්න බෑ ඒ දුකනම්
නුබ සිනා සලන හැටි කර සරදම්
නිල් අහස දනීනම් කවදා හෝ
සඳවතිය වෙලා මගේ අහස යටින්
තරු රෑන පිරිවරා එනවාමයි
නෙතු පියන් යටට නුබ එනවාමයි
කතාකරන ඉදුනිල් දෙනුවන්
මග බලාන උන්නා මතකයි දැන්
ඒ නුවන් යටින් හිරු සඳු ඇවිදින්
ඇයි වහන් උනේ මේ තරම් කලින්
මට කියා දෙන්න නා මම තරහක්
පදරචනය ; උදිත වීරසිංහ
පෙම්වතා;...
නුබ මට දුන්නු...
ලේන්සුව විසිකරමි.....
හඳ පිරුණු අහසට....
ගෙත්තම් කරන්නට
සදසාවිය.......
පෙම්වතිය ;
නුබ මට දුන්නු
හිත විසිකරමි.....
අහුලා ගන්නට
වෙනකෙකුට.....
ආදරෙන්.......
මුද්‍රා තබන්නට.....
මගේ හිත යට මෙතෙක් දගකළ
නොකී කවියක සිහින් රිදුමක
නුබේ සුසුමක තනුව අරගෙන
ලියන්නෙමි මම මගේ හිතයට
බිදීගිය හදවතක...
තව කුමක් සොයන්නද
නොකී එක කතාවක
කොතෙක් දේ සැගඋනිද?
නුබ දුන්නු ආදරෙන් කුමක්
කුමක් අරගෙන යම්ද ?
කියාපන් සොදුරියේ
වසන්තය තව දුරද ?
එළියක් නැති ආකාසේ
එලිය දුන්නු පුරහඳ නුඹ
සිනා වපුළ හද මඩලට
සාවිය වු මගේ පුරහඳ
කොන් ගහේ අතු අතරින්
නැගෙන හිනා මුව සිපගෙන
පාවී ඇ නළරල්ලක
දගකම් පෑ දගකාරිය
සැදෑ වළා පෙළ සොරාන
රන්තරු අහුලා අතුරා
හිත් විල කැලබී ගිය කල
දිය යට හිද දගකල නුඹ
නින්ද නැති පැයේ දැවටී
මගේ හිත යට කවිකම් කර
ඒ කවිකම් වෑ නිල්ලේ
පියුම් අතර සැගවූ නුඹ
ගිනිගත් සුසුමින් වියලුනු
ජීවිතයේ කතර පුරා
කඩතොළු වී ගිය හදවත
පිරියම් කල දුක් පිරිපත
ඉරා තිමිර අදුරු පටල
සිනා සගවාන හද තුල
සොයා සරුබිම් පුරගන්නට
පැහැදුල නුඹ විය පෙරමග
උතුරේ තල් වැටට කළුවර වැටෙන විට
දකුණේ පෑල හිරු අවරේ ගිලෙන විට
එක හදවතක් හිද දෙපලක හඩන විට
යුධ වැද කුමට එක හදවත බෙදන්නට
එක බිම් කඩට ආයි මේ ඇන කොටගෙන
එක පංගුවට ආයි මේ දුක බෙදාගෙන
ෙෙවර ගින්න හදවත් තුල දවාගෙන
ගිණි අවි යුධ වැදී කීම උන් මරාගෙන
මුහුදේ නැගෙන දළ රළ පෙළ එක සැටියා
දකුණට පායනා හිරු උතුරේත් සිටියා
දෙපලක උනත් එක කුසගිනි විදි සැටියා
නපුරු උනේ ආයි ගිණි කද මේ සැටියා
ටිකෙන් ටික ටිකෙන් ටික
හද ගැහෙන රාවයට
නැගී එන පැල ගොයම
බලා හිනැහෙත
හිරු එලිය
අප්පච්චි මහ කන්නෙ
වපුරාපු පැළ ගොයම
වෑ දියේ සිසිල විද
සහසකුත් පැතුම් මැද
හද පෙමින් උතුරුවා
නැගී එන පැළ ගොයම
අප්පච්චි වපුරාපු
දහඩියේ මුතු අහුර
අටු බරින් පුරවන
ණය බරින් මුදවන
රාව දෙන සියොතුන්ගේ
තුඩග රස නගන මතු
ප්‍රේමයේ අස්වැන්න
අප්පච්චි වත පුරා
නැගී ඇ හසරැල්ල
හිත පුරා පැළ ගැහුනු
දහසකුත් පැතුම් මැද
බිදෙන් බිද බිදෙන් බිද
නැගී ඇ මතුයමේ
සුබ ලකුණ
අප්පච්චි මහකන්නේ
ලේ ,කදුළු ,ඩා වපුල
හදාගත් පුංචි උන්
කවිය කියන්නේ හිත්මතේ ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ....
කවියක් ලියන එක හුගක් ලේසි උනාට එක කියවන කෙනා එක හැම වෙලේම ගන්නේ තමන්ගේ
ජීවිතෙත් එක්ක බැදුණු අද්දැකීමක් විදියට .......
අපේ ජීවිතේ අපි මුල්ම කවිය ලියන්නේ අපේ අම්මට ....
එත් මම මුලින්ම කවියක් ලිවූවේ ආදරේ ගැන.....
මම තාමත් කවි ලියන්නෙ ආදරේ ගැන ......
එත් එක කවියක් වත් අමම්ට ලියන්න මම තාමත් වචන හොයනවා...
කවද හරි මම ඒ වචන හොයාගත්තු දවසට මගේ
ජීවිතේ ලියන ලස්සනම කවිය ලියනවා .....
උස්ගිර පාමුල හන්තානේ
දෙහදක බැදි පෙම ගිලිහී යාදෙන්
කදුළු බිදක් වන රේඛා අතරේ
සැගවී හඩනා විහාගුන්නේ
ඉකිබිබුනාවේ හැඩුවා වේ
බොද උණු අදර සිහින කොදෙවුවේ
මියැදුණු සඳවත පාලු කපන අදුරේ
රෑහීයන්ගේ මුසල හඩ මැද
විහගුන් දෙපළක් හඩා වැටෙයි
නටඹුන් උණු ඒ පාලු ඉසවුවේ
කාලය යට සැගවී ඇත්තේ
දෙහදක බැදි පෙම පමණකි ආදර
විහගුන්ගේ ඒ හඩ පතුලේ
හන්තානේ කදු පාමුල ඉද
ඒ හඩ නැගුනාවේ
පදරචනය ;උදිත වීරසිංහ
තුඩග පන්හිද ගොළුවෙලා යන
දුරුතු හීතල හිඋඩු ගන්වන
නිසල හිත් විල කුමුදු පරවෙන
කුමට තනි මට පුරපසේ සඳ
විඩාබර නෙත් අගින් වෑහෙන
කදුල නුබ වී සරණ මොහොතක
දෙතොල් මත මුමුණනා ගීයක
පුරුදු තානම වයන්නේ නුඹ
කොබෙයියෙකුගේ ශෝක ගීතය
විල් දියේ රැළි නන්වනා යුරු
මතක් වේ මට නුබේ නෙත් සර
කම්පනය වේ නුවන් සිත් විල
නොකී උව මා නුබට බැදී පෙම
මගේ මුව මත මැවෙන හසරේලි
නුබේ හදවිල නිදන්ගත බව
නොහෙගේනාබව අරුමයකි තව
මෙවෙන සිතුවම් සිතිජයේ ඉම
එක් නොවන මුත් කවරදාවත්
සදත් කුමුදුත් මුණ ගැසෙන්නේ
පුරපසේ සඳ පැයූ දවසකයි
වසන්තය සේ ඇවිත් මා ලග
හීන දෑසක දියවරක් බැද
නිදන් කල හිත් විලේ දිය යට
පිපෙන්නට වෙර ගනී සියපත
අතු පතර විල් දියට වැටුණු
මිදෙල්ල ගසක පිපුණු මල
විල් දියට වැටී .......
පාවී යයි .......
විල් දිය ගලයි නොනවත්වාම
කොයි අතක නුඹ
ගෙනයම්දැයි නොදැන
ඉරගල උඩින් ඉර එබෙන විට
වෙල ලග විලේ
පිපිලා තිබුණි නෙළුමක්
මට හිතුන එක නෙලලා ඔයාට දෙන්න
එත් එ මල එතුලෙ බිගුන් දෙන්නෙක්
ගුලි ඇදිල උන්න
මම අත දිගුකලා නෙලාගන්න
එතකොට උන් දෙන්න
තව තවත් මල් පෙත්තකට
ගුලි ඇදුන
මම හිස් අතින් අපහු හැරුන
රීහි නද නැගුනු දුර වෙල් එළියේ හේඩාව
ඇහැ කන නිල වැටෙන ගැන අදුරු අඩ නින්ද
සීතලෙන් ගුලි ගැහුණු වරිච්චි බිත්තිය මුල්ලේ
ගුලි වී නිදන හීන් එකී
පිලකඩට එන තියන් අප්පච්චි හුල්ලන
නියන් සායට හදන කොබෙයියකු මෙන
බෝල් ඉපල් වෙල් එලියෙ ඉගි මරණ තරු ඩේස
නිරුවතින් නිදන්නේ කොහොම විලි සංගි නැතුව
කාටවත් නොකියාම අම්ම ගිය අතක් නෑ
ඒ දුකින් බෝල් සුසුම් ඉකිබිද්යි
නය බරට හෙට්ටු කල මුදලාලි වන්දියට
පිලිකනන් ලොකු අක්ක ගෙට ඇදෙයි වන්දියට
මුස්පේන්තු හිස් අහස කටු ඉපල් දරාගෙන
බිදෙන් බිද වැස්සෙන ගෝඩ හැලියට වැටෙත
කුස්සෙයේ පිටුපසින ඉපල් බේරුණු මහ කදුරු කටු පදුර
යලි කැකෑරී පෙහෙන්නේ ගිනි දමා ජීවිතය
කකාරා කෙල ගසා පුළුටු කරගත් මුහුණු
සැදෑවේ අතු පැළට ජීවිතය ගෙන ඇදෙත
අත දියන් නැගිටින්න ජීවිතේ තුරුළු කර
අප්පච්චි පැහිල ඉවරනම් බෙදා දීපන් ඩිංග ඩිංග
රචනය ; උදිත වීරසිංහ
2010/06/23
බිදුණු තල් වට පාමුලට විත්
නුබ තරමටම මමත් උසයයි
වහසි බස් තෙපලු
පුංචි රාජේශ් නුඹට මතකද
කියාපන් කල්වාරි
මීට හුග කාලෙකට ඉස්සරදි
පානදු පැහැති නාවර පෙරාගත් හීන්දේරී කොල්ලකු
අත් දෙකින් හෙළුවැල්ල වසාගෙන
නුඹට හිනැහුනා මතකද
ඒ මම තමයි කල්වාරි
සිහිනයෙන් හිටි වනම නල්ලූර් කෝවිලේ
සීනු හද නැගුනු විට
පනගේහෙන බව මගේ හදවත
යටිගිරියෙන් කෑගසා
මං නුඹට කිවුවා පුංචි කල්වාරි
අවියකට වඩා බර
උන්ද ඇස සොයාගෙන විමුක්තිය
කිදාබෙස ගත්තු දා
හෙළුවැල්ල වසා ගන්නට මගේ
නොකීවේ ඇයි
මගේ කල්වාරි
මං කරපු අහිංසක විහිලුවට
ඇයි මගෙන් පළිගත්තේ
කල්වාරි
රචනය ; උදිත වීරසිංහ
පොතක් වෙමි නුබ පෙරලනා මා
සැලෙන තුඩු අතරේ
මලක් වේ නුම මා නෙලාගත් මල් බදුන අතරේ
වැවක් වෙමි නුබ මගේ රු සපු සගවනා දියබේ
සඳක් වෙමි නුබ මගේ පුරපස
නැගෙන දුර අහසේ
ගලක් වූවට හිතන්නත් බැරි තරම් දුක සගවා
මලක් වී මා ඉතින් පුබුදමු මල් කැකුළු නංවා
ඉතින් එහෙනම් මගේ පුරපස
සඳත් නුබ වී හිරුත් නුබ වී තරුත් නුබ වේ නම්
කුමක් වෙන්නද මා
මගේ දෙඅදර පූරා තැවරුණු සඳුන් සුවදක් වී
ඉතින් නුබ මා වෙලාගත්නම් වරපටක් වී රේ සුමුදු යහනේ
කළුවරත් නුබ පුරහදත් නුබ මගේ ලග රැදුනේ
ඉතින් එහෙනම් කුමට උපමා නුබට පෙම්වතියේ
පදරචනය ; උදිත වීරසිංහ