මට හිතෙන්නේ අපේ ජිවිතත් හරියට ගිරිකුලක් වගෙයි . එකේ මුදුනටම නගින්න අපි දරන්නේ ලොකු වෙහෙසක් ... එත් එක මුදුනටම නගින්නෙ කීයෙන් කීදෙනාද ?.... හුගක් ය අතරමේද ඇදගෙන වැටෙනව. තවත් අය කන්ද මැදදි ගමන ඇතහැරල අපහු පහල බහිනව...... එත් මම තාමත් ඒ කන්ද දිහා බලාගෙන ඉන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ.........
Thursday, July 1, 2010
ආදරය වෑස්සී ඉකි බිද්යි
රීහි නද නැගුනු දුර වෙල් එළියේ හේඩාව
ඇහැ කන නිල වැටෙන ගැන අදුරු අඩ නින්ද
සීතලෙන් ගුලි ගැහුණු වරිච්චි බිත්තිය මුල්ලේ
ගුලි වී නිදන හීන් එකී
පිලකඩට එන තියන් අප්පච්චි හුල්ලන
නියන් සායට හදන කොබෙයියකු මෙන
බෝල් ඉපල් වෙල් එලියෙ ඉගි මරණ තරු ඩේස
නිරුවතින් නිදන්නේ කොහොම විලි සංගි නැතුව
කාටවත් නොකියාම අම්ම ගිය අතක් නෑ
ඒ දුකින් බෝල් සුසුම් ඉකිබිද්යි
නය බරට හෙට්ටු කල මුදලාලි වන්දියට
පිලිකනන් ලොකු අක්ක ගෙට ඇදෙයි වන්දියට
මුස්පේන්තු හිස් අහස කටු ඉපල් දරාගෙන
බිදෙන් බිද වැස්සෙන ගෝඩ හැලියට වැටෙත
කුස්සෙයේ පිටුපසින ඉපල් බේරුණු මහ කදුරු කටු පදුර
යලි කැකෑරී පෙහෙන්නේ ගිනි දමා ජීවිතය
කකාරා කෙල ගසා පුළුටු කරගත් මුහුණු
සැදෑවේ අතු පැළට ජීවිතය ගෙන ඇදෙත
අත දියන් නැගිටින්න ජීවිතේ තුරුළු කර
අප්පච්චි පැහිල ඉවරනම් බෙදා දීපන් ඩිංග ඩිංග
රචනය ; උදිත වීරසිංහ
2010/06/23
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment