මට හිතෙන්නේ අපේ ජිවිතත් හරියට ගිරිකුලක් වගෙයි . එකේ මුදුනටම නගින්න අපි දරන්නේ ලොකු වෙහෙසක් ... එත් එක මුදුනටම නගින්නෙ කීයෙන් කීදෙනාද ?.... හුගක් ය අතරමේද ඇදගෙන වැටෙනව. තවත් අය කන්ද මැදදි ගමන ඇතහැරල අපහු පහල බහිනව...... එත් මම තාමත් ඒ කන්ද දිහා බලාගෙන ඉන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ.........
Saturday, July 31, 2010
කියනු මන ඇයි වසන්තය වී වසන්තය නාවේ
සිසිල නොදැනුනු විදා ගෙන ඇ
ගිම්හානයක් වගේ
මලක් නොපිපුණු
විහග ගී නැති වසන්තය අවේ
කියනු මන ඇයි වසන්තය වී
වසන්තය නාවේ
දිය බිදක් නැති හිරු එලිය අතරේ
දුන පොලවේ කටුක මන් පෙත්
නිවාලන්නට වැරදිලාදෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ
පරවෙලා ගිය මලින් ගැවසුණු
වියලි විල් පතුලේ
නොපිපි කුසුමන් නැගුනු
ගිනිදැල් නිවාලන්නට වැරදිලා දෝ
ගිම්හානය අවේ
කියනු මන ඇයි
වසන්තය වී වසන්තය නාවේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment