මට හිතෙන්නේ අපේ ජිවිතත් හරියට ගිරිකුලක් වගෙයි . එකේ මුදුනටම නගින්න අපි දරන්නේ ලොකු වෙහෙසක් ... එත් එක මුදුනටම නගින්නෙ කීයෙන් කීදෙනාද ?.... හුගක් ය අතරමේද ඇදගෙන වැටෙනව. තවත් අය කන්ද මැදදි ගමන ඇතහැරල අපහු පහල බහිනව...... එත් මම තාමත් ඒ කන්ද දිහා බලාගෙන ඉන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ.........
Thursday, July 1, 2010
හන්තාන ගීතය
උස්ගිර පාමුල හන්තානේ
දෙහදක බැදි පෙම ගිලිහී යාදෙන්
කදුළු බිදක් වන රේඛා අතරේ
සැගවී හඩනා විහාගුන්නේ
ඉකිබිබුනාවේ හැඩුවා වේ
බොද උණු අදර සිහින කොදෙවුවේ
මියැදුණු සඳවත පාලු කපන අදුරේ
රෑහීයන්ගේ මුසල හඩ මැද
විහගුන් දෙපළක් හඩා වැටෙයි
නටඹුන් උණු ඒ පාලු ඉසවුවේ
කාලය යට සැගවී ඇත්තේ
දෙහදක බැදි පෙම පමණකි ආදර
විහගුන්ගේ ඒ හඩ පතුලේ
හන්තානේ කදු පාමුල ඉද
ඒ හඩ නැගුනාවේ
පදරචනය ;උදිත වීරසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment