Powered By Blogger

Thursday, July 1, 2010

සැළමුතු ප්රේමය





තුඩග පන්හිද ගොළුවෙලා යන
දුරුතු හීතල හිඋඩු ගන්වන
නිසල හිත් විල කුමුදු පරවෙන
කුමට තනි මට පුරපසේ සඳ

විඩාබර නෙත් අගින් වෑහෙන
කදුල නුබ වී සරණ මොහොතක
දෙතොල් මත මුමුණනා ගීයක
පුරුදු තානම වයන්නේ නුඹ

කොබෙයියෙකුගේ ශෝක ගීතය
විල් දියේ රැළි නන්වනා යුරු
මතක් වේ මට නුබේ නෙත් සර
කම්පනය වේ නුවන් සිත් විල

නොකී උව මා නුබට බැදී පෙම
මගේ මුව මත මැවෙන හසරේලි
නුබේ හදවිල නිදන්ගත බව
නොහෙගේනාබව අරුමයකි තව

මෙවෙන සිතුවම් සිතිජයේ ඉම
එක් නොවන මුත් කවරදාවත්
සදත් කුමුදුත් මුණ ගැසෙන්නේ
පුරපසේ සඳ පැයූ දවසකයි

වසන්තය සේ ඇවිත් මා ලග
හීන දෑසක දියවරක් බැද
නිදන් කල හිත් විලේ දිය යට
පිපෙන්නට වෙර ගනී සියපත

No comments:

Post a Comment